ලොව දිනන මග උතුම් බුදුදහම-සතුණ ජාතකය
සකුණ ජාතකය
වර්තමාන කථාව
අතීත කථාව
වර්තමාන කථාව
සැවැත්නුවර විසූ එක් ස්ත්‍රියක් පැවදිව සෙසු මෙහෙනින් සමග වැඩ වාසය කළාය
තණ්හාගති අතහැරීමට අපොහොසත් වූ ඇය කලින් මෙහෙන්න් නොවැඩිය වීදියක පිඩුසිගා ගිය කල
ඉතා මිහිරි ආහාර පැන් ලබා ඒ පිලිබද ඉතාලෝභයෙන් මෙසේ සිතුවාය
මේ වීදියට වෙනත් මෙහෙනියක් වැඩියහොත් මටමෙබදු ආහාර ලැබීම නවතී එබැවින් අනෙක් අය මෙ දෙසට ඒ ම වළක් වමියි සිතා
තම ආරාමයට ගොස් අසවල් වීදියට නොයම එහි ප්‍රචන්ඩ ඇත් අස් සුනඛ ආදී සතුන් ඇත යැයි කියා ඔවුන්
භය ගන්වා තනියම එම විදීයට වැඩ මිහිරි ආහාර අනුබව කරම්න වසන කල්හි එක් දිනක්
එම විදීයේ නිවසකට යත්දී බැටලුවෙක් දිව විත්ඇන ඇගේ පාදයේ ඇටය බිද දැම්මේය .එහි සිටි පිරිස බිදුනු ඇටය සන්ධි කොට වෙලා ගිලන් ඇදකින් ඇයව ආයමයට ගෙනත් ඇරලුයේය
මෙම මෙහෙනිය පිලිබද සෙසු භික්ෂුන් වහන්සේලා දම් සභා මණ්ඩපයේ කථා කරමින් උන් අවස්ථාවක
එතනට වැඩි බුදුරාජාණන් වහන්සේ මේ පිලිබද විමසා මේ මෙහෙනිය පෙරත් අනුන්ට අවවාද දෙමින් තමන්ම මරණයට පත්වූවායැයි කියමින් අතීත කථාව දේශනා කරන ලදී
අතීත කථාව
යටගිය දවසබරණැස නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි බෝධිසත්වයන් පක්ෂීන් රජුව විසූහ එම පක්ෂි රැලේ සිටි එක් පක්ෂි දේනුවක්ආහාර සුලභ ප්‍රෙද්ශයක් සොයා ඒ ප්‍රෙද්හයට වෙනත් පක්ෂීන් ඒමට නොදේමියැයි සිතා බොරැ කියා පක්සීන් ඒම වලක්වන ලදි
ඇයක බස් ඇසූ පක්ෂීන් ඒ පෙදෙසට නොගිය අතර ඇය ඒ පෙදෙසේ සුවසේ ආහාර අනුභව කරමින් සිටියාය
දිනක් ඇය ඉතා ලෝබයෙන් ආහාර ගනිමින් සිටි අවස්ථාවක රථයක් පැමින ඈ යටකරගෙන ගොස් මරණයට පැමින විය.
එදින බෝසතුන් පක්ෂීන් සමග පියාසර කිරීමට යන් කල්හි මෑ මියගොස් සිටිනවා දැක
මැය අන්න්ට අවවාද තියා තමන් තණ්හාවෙන් වසගව මිය ගායාය යැයිපවසමින් යන්නට ගියාය
එදා අනුන්ට අවවාද දි තමන් නැසුන පක්ෂි ධේනුව දැන් එය කියන මෙහෙනියයැයිද
පක්ෂි රජුව සිටියෙි මමයැයිද කියාඅතීත කථාව වර්තමාන කථාව සමග ගලපා දැක්වූ සේක
Leave a Comment